සිය වැටුප් වැඩි කර ගැනීම සහ තවත් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් කටුනායක ගුවන් තොටුපොළ සේවක, සේවිකාවෝ පිරිසක් විරෝධතාවයක් අද (19)විරෝධතාවයක් ආරම්භ කර තිබුණා.
ඒ් කටුනායක ගුවන්තොටුපොළ තුළදී.
මෙම විරෝධතාවට ගුවන් තොටුපොළ අන්තර් සමාගම් සේවක සංගමය , ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ප්‍රගතිශීලී සේවක සංගමය, ජාතික සේවක සංගමය සහ සමගි සේවක සංගමය එක්ව සිටියා.
ඊට සේවක, සේවිකාවෝ 3,000 ක් පමණ පිරිසක් පැමිණ තිබුණා.
මෙම සේවකයන්ට අවසාන වශයෙන් වැටුප් වැඩිවීමක් හිමි වී ඇත්තේ 2018 වසරේ දී .
ගුවන් තොටුපොළ සේවකයෙන්ට සෑම වසර තුනකට වරක් වැටුප් වැඩිවීමක් සේවා ව්‍යවස්ථාව අනුව හිමි වීමට නියමිතව තිබුණ ද එම වැටුප් වැඩි වීම මෙතෙක් සිදු නොවිම විරෝධතාවයට හේතුවයි.