‘ට්‍රෙඩ්වින්‘ නමින් පිරමීඩාකාර මූල්‍ය ජාවාරමක් පවත්වාගෙන යමින් මුදල් තැන්පත්කරුවන්ගෙන් කෝටි 500ක මුදලක් සාවද්‍ය පරිහරණයට ගත් බවට සැක පිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළිමතළාව ප්‍රදේශයේ සැඟවී සිටියදීයි. උපාධිධාරියෙක් වන ඔහු ගුරුවරයෙක් ලෙස කටයුතු කර තිබෙන අතර දකුණු පළාතේ ප්‍රකට විහාරස්ථානයක බස්නායක නිළමේවරයා ලෙසද කටයුතු කර ඇති බව සඳහන්.
මෙම සැකකරු ටෙලිනාට්‍ය රංගන ශිල්පිණියක සමග එක්ව මෙම වංචාව කරගෙන ගොස් ඇති බවයි විමර්ශනවලදී හෙළිව ඇත්තේ.
මොහුගේ පිරමීඩ ජාවාරමේ මුදල් ආයෝජනය කළ අය ඇත් නම් පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත විමර්ශන ඒකකය සඳහන් කරනවා.