කටාර් ගුවන් යානයක් උඩුගුවනේ දී අනතුරක!

කටාර් රාජ්‍යයේ දෝහා සිට අයර්ලන්තයේ ඩබ්ලින් බලා පියාසර කරමින් තිබූ කටාර් එයාර්වේස් සමාගමට අයත් ගුවන්යානයක් උඩුගුවනේ දී වායු කැලඹීමකට හසුවීමෙන් එම යානයේ ගමන් ගත් 12 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

යානය නිරුපද්‍රිතව ගොඩබැස්වීමට එහි නියමුවන් සමත්ව තිබූ අතර තුවාල ලබා තිබුණේ එහි ගමන් ගත් මගීන් හය දෙනෙක් සහ කාර්යමණ්ඩල සාමාජිකයින් හය දෙනෙක්.

ඉකුත් දිනෙක සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයක් ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබියදී මෙවැනිම වායු කැළඹීමකට හසුවීමෙන් ඇතිවූ කම්පනයෙන් එහි ගමන් කළ මගියෙක් මරණයට පත් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles