ජාතික ජනබලවේගයේ නායකයෝ ඊයේ (19) දා මල්වතු හා අස්ගිරි දෙපාර්ශ්වයේ මහා නාහිමිවරුන් බැහැදැක උන්වහන්සේලා සමග රටේ වත්මන් තත්ත්වය ගැන හා ජාතික ජනබලවේගයේ ස්ථාවරය පිළිබඳ සාකච්ඡා කර ඇති බව එම පක්ෂය සඳහන් කරනවා.
ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ජාතික විධායක සභික ලාල්කාන්ත මෙම අවස්ථාවට සහභාගි වී ඇති අතර ඉදිරි ජනාධිපතිවරණය සහ ලාංකේය දේශපාලනයේ වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී උන්වහන්සේලා සමග වැඩිදුරටත් සාකච්ඡා කළ බවයි ඔවුන් සඳහන් කරන්නේ.
එහිදී මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල හිමියන් අදහස් දක්වමින් කියා සිටියේ, අනෙක් දෙපැත්තම ජනතාව දුටු බවත් දැන් පාලනයට ගෙනයන්නට ඉතිරි වී ඇත්තේ ඔවුන් පමණක් බවයි. එසේ ම පාලන බලය ලබා ගැනීමට උනන්දු විය යුතු බවද උන්වහන්නේ සිහිපත් කළා.