ජනපති අපේක්ෂක විවාද ආරාධනයට නාමල්ගෙන් පිළිතුරක්

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති පිළිබඳව පැෆරල් සංවිධානය මඟින් පවත්වනු ලබන විවාදය‍ සඳහා සිදු කර ඇති විවෘත ආරාධනය පිළිගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ දැනුම් දී ති‌බෙනවා.

එය තාර්කික සහ කරුණු මත පදනම් වු හරබර විවාදයක් වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් පැෆරල් සංවිධානයේ මෙම උත්සහය අගය කරන බවත් ඔහු යොමු කළ ලිපියේ සඳහන් වෙනවා.

විවාදය පැවැත්වෙන දිනය සහ වේලාව සම්බන්ධයෙන් සහ විවාදයේ ආකෘතිය සම්බන්ධයෙන් හැකි ඉක්මනින් දැනුම් දෙන ලෙස ඔහු එම ලිපිය මඟින් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles