නොවරදින පොදුජන ආණ්ඩුවකට අනුරගෙන් ඉල්ලීමක්

නැවත වතාවක් වරදින්නේ නැති පොදුජන ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට සියලු දෙන එක්වී කටයුතු කරමු යැයි ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඉල්ලීමක් කරනවා.

ඔහු මේ ඉල්ලීම කරනු ලැබුවේ දෙහිඅත්තකණ්ඩියේ පැවැති ගොවි ජන සමුළුවක් අමතමින්.

විවිධ පක්ෂ යටතේ ආණ්ඩු හැදීමට සාමාන්‍ය ජනයා ඡන්දය භාවිතා කළද බලයට පත් වූවන් සෑම විටම ඡන්දය දුන් එම සාමාන්‍ය ජනතාව අමතක කළ බවයි ජාතික ජන බලවේගයේ නායකයා පවසන්නේ.

එබැවින් මෙවර මෙතෙක් කාලයක් කළ දේ නොකර නිවැරදි දෙයක් කිරීමට ජනතාවට කාලය එළැඹී ඇතැයි ඔහු වැඩිදුරටත් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles