හර්ෂ ද සිල්වා ආණ්ඩුවෙන් ඉල්ලූ දේ

“අලුතෙන් වැට් එක දාලා තියෙනවා ක්ෂේත්‍ර බර ගාණකට. ඉතාමත්ම සුළු ප්‍රමාණයක් තමයි වැට් එකෙන් නිදහස් වෙන්නේ. රජය කියන්නේ ඔවුන්ට බදු ආදායම අත්‍යවශ්‍යයි කියලා. නමුත් අපි පෙන්වා දුන්නේ බදු අය කිරීමේදී සාධාරණත්වයක් තිබෙන්න ඕනේ කියලා. දැන් ඩීසල්වලටත් වැට් එක ගහනවා.”

යනුවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා අද (6) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ළදරු පෝෂණ ආහාර, පොහොර, වෛද්‍ය උපකරණ පමණක් නොව සුවසැරියට පවා වැට් බදු අය කිරීමට මුදල් අමාත්‍යංශය අපේක්ෂා කිරීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති වන හර්ෂද සිල්වා අවධාරණය කළා.

මෙබඳු අත්‍යාවශ්‍ය දෑ වැට් බද්දෙන් නිදහස් කරන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles