සම සුදු කරවන වෙසින් එන රූපලාවන්‍ය මාරයා ගැන අනාවරණයක්

නීතිවිරෝධී ලෙස නිෂ්පාදනය කරන සමට අහිතකර රූපලාවන්‍ය නිෂ්පාදන කිසිදු නියාමනයකින් තොරව සමාජය තුළ සංසරණය වීම නිසා බරපතල සෞඛ්‍ය ගැටලු උද්ගත වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

සිය සමේ වර්ණය පැහැපත් කරගැනීම සඳහා ස්ත්‍රී – පුරුෂ සහ වයස් භේදයකින් තොරව විවිධ ආලේපන වර්ග භාවිත කිරීමේ ප්‍රවණතාවය වර්තමානයේ ඉහළ ගොස් තිබෙන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

නියාමනයෙන් තොරව නිෂ්පාදනය කරන රූපලාවණ්‍ය ආලේපන සහ ද්‍රව්‍ය භාවිත කිරීම හේතුවෙන් සෞඛ්‍ය සංකූලතා වාර්තාවීමද ඉහළගොස් ඇති බව වාර්තා වෙනවා.

එම ආලේපන තුළ රසදිය වැනි බැර ලෝහ මෙන්ම ස්ටෙරොයිඩ ඉහළ සාන්ද්‍රණවලින් අන්තර්ගතවන බව අනාවරණය වී ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ.

මෙම රසායනික ද්‍රව්‍යවලට දිර්ඝකාලීනව නිරාවරණය වීමෙන් සම ආශ්‍රිත පිළිකා තත්ත්ව ඇති විමේ ප්‍රවණතාවක් පවතින බවද ඔවුන් අවධාරණය කරනවා.

කෙසේ වෙතත් එම සංගමය පෙන්වා දෙන්නේ බරපතළ සෞඛ්‍ය ගැටලු ඇති කරන නීතිවිරෝධි, හානිකර රූපලාවණ්‍ය ප්‍රතිකාර සහ ආලේපන සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීමට දැනට පවතින නීති ප්‍රමාණවත් නොවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles