බිළිඳුන්ගේ සමේ සංකූලතා ඇති වෙන හේතුව ගැන අනාවරණයක්

ප්‍රමිතියෙන් තොර බාල සබන් ආලේප කිරීම නිසා බිළිඳු ‍න්ගේ සමේ විවිධ සංකූලතා ඇති වී තිබෙන බවට තොරතුරු වාර්තා වී ඇතැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනි සංගමයේ භාණ්ඩාගාරික ප්‍රියංගනී සුසංගිකා අනාවරණය කරනවා.

වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වය අනුව බොහෝ දෙමව්පියන් වෙළෙඳපොළේ ඇති බාල සබන් වර්ග තම බිළිඳුන් වෙනුවෙන් මිලදී ගන්නා බවක් දක්නට තිබෙන බවයි ඇය පවසන්නේ.

එසේ මිල පිළිබදව අවධානය යොමු කරන පාරිභෝගිකයන් ඉලක්ක කර ගත් කිසියම් කණ්ඩායමක් ප්‍රමිතියෙන් තොර බිළිඳු සබන් වර්ග වෙළෙඳපොළට එක් කර තිබෙන බැවින් ප්‍රමිති කාර්යංශයෙන් සහතික කර ඇති බිළිඳු සබන් වර්ග පමණක් තම දරුවන් වෙනුවෙන් මිලදී ගන්නා ලෙස එම සංගමය මව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා.

තවද සමේ විවිධ සංකූලතා ඇති වූ බිළිඳුන් සම්බන්ධයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් දැනගන්නට ලැබුණු බවත් පසුව කරන ලද සොයා බැලීම්වලදී ප්‍රමිතියෙන් තොරව නිෂ්පාදනය කරන සබන් ආලේප කිරීම නිසා එය සිදුවන බව සොයාගත් බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

විශේෂයෙන්ම දරුවන්ගේ ඇඟ ගල්වන සබන් වල 78% කට වඩා ඉහළ අගයකින් යුක්තව TFM අන්තර් ගතව තිබිය යුතු අතර ප්‍රමිති කාර්යංශය විසින් අනුමත කරන්නේ නියමිත ප්‍රමාණයට TFM අඩංගු නම් පමණක් බවද පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනි සංගමයේ භාණ්ඩාගාරික ප්‍රියංගනී සුසංගිකා දැනුම් දෙනවා.

1 COMMENT

  1. Priayngani susangika සබන් වල නම් ටිකත් කියන්නකො බගෙට ප්‍රකශ දෙන්නෙ නැතුව. බයද ඔයා ..
    ප්‍රමිතිය බලන අයත් බුදිද..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles