රුසියානු-යුක්‍රේන යුද්ධයේ මිය ගිය ශ්‍රී ලාංකික සෙබළුන් ගැන හෙළිදරව්වක්

යුක්‍රේන – රුසියා යුද්ධයේ දී කුලී හමුදා සෙබළුන් ලෙස එක් වූ ශ්‍රී ලංකා පුද්ගලයන් 17 දෙනෙකු මිය ගොස් තවත් පිරිසක් අතුරුදන්ව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන අංශය විසින් අනාවරණය කරගෙන ඇතැයි වාර්තා වෙනවා.

පදවිය ප්‍රදේශයේ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන අසංක චන්දන යන අය පෙබරවාරි 12 වැනි දින රුසියාවට ගොස් ඇත්තේ යුද්ධයට සම්බන්ධවීමටයි. මාර්තු 29න් පසු ඔහුගෙන් තොරතුරු වාර්තා නොවන බවයි පවුලේ සාමාජිකයන් පවසන්නේ.

මැදවච්චියේ විශ්‍රාමික කමාන්ඩෝ බලකා නිලධාරියෙකු වන ප්‍රදීප් චන්දන යන අයද එලෙස ගොස් ඇති අතර මාර්තු 29න් පසු ඔහුගේ තොරතුරුද වාර්තා නොවන බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles