ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය ලබාදෙන්නැයි තමන්ට පුද්ගලිකවම කතා කර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසූ බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.
කෙසේ වෙතත් තමන් ක්‍රිකට් ආයතනයේ දූෂණ වලට එරෙහිව සටන් වදින අවස්ථාවේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජනාධිපති උපදේශක සාගල රත්නායක විසින් දුෂිතයින් ආරක්ෂා කරමින් ඔවුන් සමඟ එක්ව තමන්ට එරෙහිව කටයුතු කල බවයි යූ ටියුබ් නාලිකාවක පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කර සිටියේ.
රාජපක්ෂ කඳවුර තමන්ට බිය වී කටයුතු කළ බවත් පවුල් දේශපාලනය තුළ ඔවුන් ඉතා අශෝභන ලෙස කටයුතු කල බවත් පාර්ලිමේන්තුවේ සිටින බහුතරයක් වූ දුෂිතයින් සමඟ දේශපාලනය කිරීමට තමන් සූදානම් නොමැති බැවින් තමන් මෙවර ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ක්‍රිකට් පිත්ත ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ බවත් ඔහු මෙම දේශපාලන සාකච්ඡාවේදී හෙළිකර තිබෙනවා.