බෙහෙත් හිඟයක් ගැන සුව ඇමතිගෙන් අනාවරණයක්

රජයේ රෝහල්වල ඖෂධ පනස් දෙකක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ අද (08) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

කෙසේ වෙතත් එම ඖෂධ ඇනවුම් කර ඇති බවත් හිඟ ඖෂධවලට ආදේශක ඖෂධ දැනට පවතින බවත් ඔහු සඳහන් කරනවා.

ජීවිත ආරක්ෂක ඖෂධ සියල්ල රෝහල්වල ඇති බව පැවසූ අමාත්‍යවරයා බෝනොවන රෝග පාලනයට ජාතික මධ්‍යස්ථානයක් ඇති කිරීමට කටයුතු කරන බවද කියා සිටියා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව පනත් කෙටුම්පත් නවයක් ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles