කතානායක මහින්ද යාපා අබේවර්ධන මුහුණ දුන් විශ්වාසභංගයෙන් ජය ගන්නට ඔහු සමත් වුණා. ඒ වැඩි ඡන්ද 42කින්. එම ඡන්ද විමසීමට පසු ඔහු පාර්ලිමේන්තුව අමතා අදහස් දැක්වූ අතර මෙසේ පවසා සිටියා.
“ව්‍යවස්ථාවට අනුකූලව සහ හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීමේදී මෑතක මුහුණ දුන් අභියෝගය 2022 අර්බුදකාරී අරගල තත්වයයි. අරගල සමයේ මා හට විටින් විට දුරකතන ඇමැතුම් ලබා දෙමින් ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මාගේ ප්‍රධානත්වයෙන් රජයක් පිහිටුවීමට බල කළ අයද මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා තිබීම මට පුදුමය ගෙන දෙන්නකි. වගකිවයුතු කතානායකවරයෙකු ලෙස මෙතුවක් කල් නිහඬව සිට ජනතාවට අනාවරණය නොකළ සිදුවීමක් මම ඔබට අද ප්‍රකාශ කරනු කැමැත්තෙමි. රාජ්‍ය විරෝධී හා ව්‍යවස්ථා විරෝධී ලෙස ඉකුත් අරගල සමයේ බලපෑම් කරන ලද පිරිස අතර විවිධ ශක්තිමත් බලවේග තිබුණු බව මා සඳහන් කරන්නේ ඉතාමත් කනස්සල්ලෙනි.”
යනුවෙන් පැවසූ කතානායකවරයා කියා සිටින්නේ, ඔවුන්ට අවශ්‍ය වූයේ තමා හරහා රට අරාජික කිරීමට බවයි. එහි ප්‍රතිඵලය ලෙස තමාට ජනාධිපති වෙන්නට දේශීය සහ විදේශීය ආරාධනා ලැබුණු නමුත් තමා එය ප්‍රතික්ෂේප කළ බව ඔහු වැඩිදුරටත් කියා සිටිනවා. කෙසේ වෙතත් එවැනි අසීරු සමයක තමන්ගේ මැදිහත්වීම නිසාවෙන් මෙරට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය රැකුණු බව කතානායකවරයා කියා සිටියා.