අගමැතිකම බෑ කියූ අය ගැන ගෝඨාගේ පොතේ හෙළිදරව්වක්

නෙරපූ ජනපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය දා ලියා පළ කළ කෘතියේ විවිධ කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ඔහු සිය මතය ලියා ඇති බව සඳහන් වෙනවා. අරගල සමය ඇරඹී රට අරාජික වූ පසු ජනපති සොහොයුරු මහින්ද අගමැති ධුරයෙන් ද අනෙකුත් අවශේෂ රාජපක්ෂවරු සිය ධුරවලින්ද ඉවත් වුණා. ඉන් පසු ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා අගමැති ධුරය බාර ගන්නැයි විපක්ෂයේ කිහිපදෙනෙකුට පැවසූ බව මෙම පොතේ දැක්වෙන බව සඳහන්.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත අගමැතිකම බාර ගන්නැයි කී විට බහුතරය නොමැතිව රට පාලනය කළ නොහැකි බව කියමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව පවසනවා.

එසේ ම සරත් ෆොන්සේකා වෙත කතා කර අගමැතිකම භාර ගන්නා ලෙස තමා කියා සිටි බව කියන හිටපු ජනපතිවරයා, ඔහුගේ යෝජනාව වූයේ තමා අගමැති ලෙස පත් කරන බවට ප්‍රකාශයක් කරන ලෙස ඉල්ලා සිටීම බවයි පවසන්නේ.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ වත්මන් ජනපතිවරයාගෙන් තමා එම ඉල්ලීම කළ අවස්ථාවේ කිසිදු පැකිළීමකින් තොරව එය භාරගත් බව එහි සඳහන් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles