බස් ගාස්තු ජූලි පළමු වෙනිදා සිට සැළකිය යුතු ප්රතිශතයකින් අඩු වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂි වෙල්ගම පවසනවා.
ගාස්තු අඩු වන ප්රතිශතය ජූලි 1 වෙනිදා සඳහන් කරන බවයි ඔහු කියා සිටින්නේ.
බස් සංගම් සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බවත් ගාස්තු අඩු කිරීමට බස් සංගම් එකඟ වූ බවත් ඔහු සඳහන් කරනවා.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ බස් ගාස්තු සියයට 5 කින් අඩු වන බැවින් අවම බස් ගාස්තුව රුපියල් 30 සිට 28 ක් දක්වා අඩුවනු ඇති බවයි.