යුක්‍රේන ළමා රෝහලකට රුසියාවෙන් මිසයිල ප්‍රහාරයක්

යුක්‍රේනයේ කීව් අගනුවර ස්ථාන කීපයක් ඉලක්ක කර ගනිමින් රුසියන් හමුදාව මිසයිල ප්‍රහාර එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එල්ල වූ එක් මිසයිල ප්‍රහාරයකින්, ළමා රෝහලක් විනාශ වී තිබෙන බවයි සඳහන් වන්නේ

රුසියන් ප්‍රහාරවලින් යුක්‍රේන ජාතිකයින් 36 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු අතර, 140 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවයි සඳහන් වන්නේ.

මිසයිල ප්‍රහාරයෙන් විනාශ වූයේ ඔහ්මට්යාඩ් නමැති ළමා රෝහල් ගොඩනැගිල්ලයි.

රෝහලට එල්ල වුණු ප්‍රහාරයෙන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර ප්‍රහාරයත් සමඟ රෝහල් ගොඩනැගිල්ලේ පිපිරීම් කීපයක් සිදුවුණු බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

පිළිකා රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන සහ ඉන්ද්‍රයන් බද්ධ කිරීම් සිදු කරන කීව් අගනුවර ප්‍රධාන පෙළේ රෝහලක් ලෙස ඔහ්මට්යාඩ් ළමා රෝහල සැලෙකන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles