ඊයේ (30) දිනයේ මෙරට සංචාරයට ආ විදේශිකයන් දෙදෙනෙකුට ශෝකජනක ලෙස මිය යන්නට සිදුවුණේ මිදිගම දී සිදුවූ අනතුරක් හේතුවෙන්.
ගාල්ල – මාතර ප්රධාන මාර්ගයේ දී ස්කූටරයක ගමන් ගත් විදේශිකයන් දෙදෙනා, ගාල්ල සිට කොළඹ දක්වා ගමන් කළ බසයකට යට වී තිබෙනවා. පසුපස රෝදයට යට වුණු ඔවුන් එම ස්ථානයේදීම මිය ගිය බවයි සඳහන් වන්නේ.
බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මිදිගම පොලිසිය පරීක්ෂණ මෙහෙයවනවා.