යුරෝපා අභ්‍යවකාශ ආයතනය, පෘථිවි කක්ෂයේ රඳවා තිබූ චන්ද්‍රිකාවක් අද (21) පොළොවට කඩා වැටීමට නියමිත බව වාර්තා වෙනවා.
රාත්තල් 5,000 ක් බර මෙම පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාව, පෘථිවි කක්ෂයේ රැඳවූ චන්ද්‍රිකා අතරේ පුරෝගාමී චන්ද්‍රිකාවක් ලෙස සැලකෙන අතර යුරෝපා විද්‍යාඥයන් ‘ඊආර්එස්2’ නමැති මෙම චන්ද්‍රිකාව, පෘථිවි කක්ෂයට යවා රැඳවූයේ 1995 දී බවයි සඳහන් වන්නේ.
‘ඊආර්එස්2’ චන්ද්‍රිකාව, අද (21) දින අධික වේගයකින්, ගිනි ගෙන දැවෙමින්, පෘථිවියට කඩා වැටෙන බවත්, එයින් කිසිවකුටවත් අනතුරක් සිදු නොවනු ඇති බවත් යුරෝපා විද්‍යාඥයන් පවසනවා.
පෘථිවි වායුගෝලයට පිවිස අධික වේගයෙන් පහළට එද්දී, චන්ද්‍රිකාවෙන් වැඩි කොටසක් ගුවනේදීම විනාශ වනු ඇතැයි ද යුරෝපා විද්‍යාඥයන් වැඩි දුරටත් පවසා තිබෙනවා.