මෙරට සංචාරය සඳහා පැමිණෙන විදේශිකයන්ගේ සංඛ්‍යාව, කොවිඩ් වසංගතය සහ පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර තිබූ තත්වයට ආසන්න වෙමින් පවතින බව වාර්තා වෙනවා. ඒ අනුව මාර්තු මාසය අවසන් වෙද්දී 2024 මුළු සංචාරක පැමිණීම් ලක්ෂ 6 ඉක්මවා තිබෙනවා.
ගිය වසරේ (2023) සංචාරක පැමිණීම් ලක්ෂ 6 සීමාවට ළඟා වූයේ ජුනි මස අවසාන වන විට බවයි වාර්තා වන්නේ. ඒ අනුව එම වසරට සාපේක්ෂව සංචාරක කර්මාන්තයේ දක්නට ලැබෙන්නේ විශාල වර්ධනයක්.
දෛනිකව සංචාරක පැමිණීම් 7000කට ආසන්නව පවතිනවා.
මේ වන විට මෙරට බලා වැඩිම සංචාරක පිරිසක් පැමිණෙන්නේ ඉන්දියාවෙන් වන අතර එය සමස්ත ප්‍රමාණයෙන් 16%ක් අත්කරගන්නවා. දෙවැන්න රුසියාව නියෝජනය කරන අතර එය 14%ක්. තෙවැනි ස්ථානය 9%ක් ලෙසින් ජර්මනියෙන් පැමිණෙනවා.
මහබැංකු වාර්තා අනුව වසරේ මුල් මාස දෙක තුළ පමණක් සංචාරක කර්මාන්තය උපයා දී තිබෙන මුදල ඇමරිකන් ඩොලර් මිලියන 687ක්. ගිය වසරට සාපේක්ෂව එය 118.2%ක වර්ධනයක් බවයි පෙන්වා දෙන්නේ.