දරුවන් සහ අන්තර්ජාලය ගැන බියකරු අනාවරණයක්

පරිගණක ක්‍රීඩා සහ අන්තර්ජාලයට දරුවන්ගේ ඇබ්බැහිවීම සම්බන්ධයෙන් විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් අදහස් පළ කර තිබෙනවා.

අන්තර්ජාලයට හෝ පරිගණක ක්‍රීඩාවලට තදින් ඇබ්බැහිවීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මානසික රෝගයක් ලෙස පිළිගෙන ඇති බව ඔහු කියා සිටිනවා.

දරුවෙකු එක දිගට පැය දෙකකට වඩා අන්තර්ජාලයේ රැඳී සිටීමෙන් ඔහුගේ මනසට දැඩි හානියක් සිදුවන බවද එසේ තදින්ම ඇබ්බැහි වූ දරුවන් සම්පූර්ණයෙන් එයින් ඉවත් කළ යුතු බවද වෛද්‍යවරයා පවසනවා.

වයස අවුරුදු 5ට අඩු දරුවන්ට ජංගම දුරකතන ආදී උපාංග ලබා නොදිය යුතු බවත් 15 දක්වා අයට ඒවා ලබා දිය යුත්තේ මව්පිය අධීක්ෂණය යටතේ බවත් සඳහන් කරන විශේෂඥ වෛද්‍යවරයා ඇබ්බැහිවීම් තිබේ නම් මුල් අවස්ථාවේදීම ගලවා ගත යුතු බවයි කියා සිටින්නේ.

වීඩියෝ ක්‍රීඩා එක දිගට නැරඹීමෙන් දරුවන්ගේ හැසිරීම ප්‍රචණ්ඩකාරී වන බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් වැඩිදුරටත් පවසා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles