අනුරාධපුරේ වකුගඩු රෝගය ගැන බියකරු අනාවරණයක්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව අතරින් වකුගඩු රෝගය වැළඳුනු නව රෝගීන් 130ක් පමණ මාසිකව හඳුනාගන්නා බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නදීකා වික්‍රමාරච්චි පවසනවා.

2019 සිට 2023 වසර දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වකුගඩු රෝගීන් 20000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බවත් එම කාල සීමාවේදී ම වකුගඩු රෝගීන් 4000ක් පමණ මෙම රෝගය නිසා මියගොස් ඇති බවත් ඇය සඳහන් කරනවා.

පසුගිය වසරේ පමණක් නව වකුගඩු රෝගීන් 1200ක් වාර්තා වී ඇති අතර ඉන් බහුතරයක් පිරිමි අයවලුන් බව පැවසෙනවා.

එම ප්‍රදේශවල පවිතන ජලය භාවිතය, වියළි කාලගුණය සමග ඇතිවන විජලන තත්වයන් සහ ජාන මගින් ව්‍යාප්ත වීමද රෝගයට බලපා ඇති බවයි වෛද්‍යවරිය සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles