තණමල්විල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක 11 ශ්‍රේණියේ පාසල් දැරියක් වසරක් තිස්සේ අපයෝජනය කළ පාසල් සිසුන් 17දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
අදාළ දැරියගේ මව චෝදනා කරන්නේ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළු කළ අවස්ථාවේදී එහි සිටි වෛද්‍යවරයෙක් දැරිය බිය වැද්දීම නිසා ඇය සිය දිවි නසාගැනීමටද උත්සාහ කළ බවයි.
මෙම සිසුවිය එම පාසලේම සිසුවෙක් සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර පසුව එම සිසුවා , මෙම දැරිය රවටා මිතුරෙකුගේ නිවසකට රැගෙන ගොස් එහිදී පළමුවරට ඇයව දූෂණය කර ඇති බව විමර්ශන වලදි හෙළි වී තිබෙනවා.
අනතුරුව එම නිවෙසේ සිටි තවත් සිසුන් කිහිපදෙනකු මෙම දැරියට බලහත්කාරයෙන් මත්පැන් පොවා අපයෝජනය හා දූෂණය කර එය වීඩියෝගත කර ඇති බවයි සඳහන් වන්නේ.
එම සැකකාර සිසුන් මෙම වීඩියෝ පටය දැරියට පෙන්වමින් 2023 වසරේ සිට අවස්ථා 7කදී ඇයව සමූහ දූෂණයට ලක් කර තිබෙන බව පොලීසිය පවසනවා.
ඒ සඳහා සම්බන්ධ වී ඇති එම පාසලේ සිසුන් ගණන 17ක් වන අතර පසුගිය දිනක කිරිඳි ඔය අසලදී සිසුන් 7 දෙනකු එක්ව මෙම දැරිය ඔය අසලට රැගෙන ගොස් සමූහ ලෙස දූෂණය කර එයද වීඩියෝගත කර තිබෙනවා.
අනතුරුව මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ පාසලේ විදුහල්පතිවරයා ඇතුළු විනය කමිටුවට ද අනාවරණය වී තිබෙන අතර විදුහල්පතිවරයා ඇතුළු පාසලේ විනය කමිටුව විසින්ද සිසුවිය හා අදාළ සිසුන්ද ගෙන්වා කරුණු විමසා පාසලට කැළලක් වන හෙයින් මෙම සිදුවීම යටපත් කර ඇති බව පොලිස් පරීක්ෂණ වලදි අනාවරණය වී තිබෙනවා.
ඒ , තණමල්විල කලාපයේම ගුරු උපදේශකවරයෙකුගේ පුත්‍රයෙක් ද සැකකරුවන් අතර සිටීම සහ එම සිසුවාගේ මවද පාසැල් ගුරුවරියක් වීම හේතුවෙන්.
තමාට සිදුවූ මෙම අපරාධය සහ හිංසන සම්බන්ධයෙන් දැරිය සිය නිවසේ බිත්තිවල විවිධ චිත්‍ර සටහන් ඇඳ ඇතැයි සඳහන්.
කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් තණමල්විල පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඒ අනුව සිසුවිය පොලිස් ස්ථානයට කැඳවා සිදුකළ ප්‍රශ්න කිරීමේදී තවත් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට හැකි වී තිබෙනවා.
මෙම සැකකාර සිසුන් විසින් වෙනත් පාසල්වල ක්‍රීඩා තරඟවලට ගිය අවස්ථාවන්වලදී වැසිකිළි තුළ හා ක්‍රීඩා විවේකාගාර තුළදීත්, සිසුන්ගේ නිවෙස් තුළදීත් මත්පැන් පොවා මෙම සිසුවිය අපයෝජනයට හා දූෂණයට ලක් කර තිබෙන බව ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබෙනවා.
සිද්ධිය යටපත් කළ විදුහල්පතිවරයා ඇතුළු කිහිප දෙනෙකුගෙන්ම ප්‍රකාශ සටහන් කරගත් පොලිසිය සැකකාර සිසුන් 17දෙනෙකු සහ ආධාර අනුබල දුන් කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අපයෝජනයට පත් දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළු කළ අවස්ථාවේ එහි වෛද්‍යවරයෙක් දැරිය තවදුරටත් පීඩාවට පත් කළ බව ඇගේ මව චෝදනා කරනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසියට සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි කිරීමට දැරියගේ මව පියවර ගෙන ගෙන ඇතැයි සඳහන්.