පාසල් සිසුවෙක් බෝම්බයක් අරන් පංති ගිහින්

හසලක පහේ ඇල ප්‍රදේශයේ පාසල් දරුවෙක් අහුලාගත් ජීව අත්බෝම්බයක් රැගෙන පෞද්ගලික පන්තියකට සහභාගී වූ පුවතක් වාර්තා වෙනවා.

පසුව පෞද්ගලික පන්ති ගුරුවරයා විසින් එය ආරක්ෂිතව පොලිසියට බාරදීමට කටයුතු කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ අත් බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට අධිකරණ නියෝගයක් ගැනීමට පියවර ගෙන තිබෙන බවයි හසලක පොලීසිය පවසන්නේ.

හසලක පහේ ඇළ යාය ප්‍රදේශයේ 15 හැවිරිදි දරුවෙකුට සිය නිවස ආසන්නයෙන් ගලා බසින අතුරු ඇළක නාමින් සිටිදී ඉවුරක තිබී මෙම ජීව අත්බෝම්බය හමු වී තිබෙනවා.

දරුවා මේ ඉව නිවැසියන්ට නොකියා පසු දින උපකාරක පන්තියට පැමිණ එහි සිටි ගුරුවරයාට මේ බව පෙන්වා ඔහුට එය දී ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදු කරන බව හසලක පොලීසිය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles