පොලිසියට බියෙන් පාසල් ශිෂ්‍යාවක් දිවි නසාගෙන

පුස්සැල්ලාව පොලිස් වසමේ නයාපානවත්ත පහළ කොටසේ වයස අවුරුදු 15ක 10 වසර පන්තියේ ශිෂ්‍යාවක් පොලිසියට බියේ සියදිවි නසාගෙන තිබෙනවා.

එය දින තුනක් තුළ පොලිසියට බියේ ප්‍රදේශය තුළ සිදුවූ දෙවැනි සියදිවි නසා ගැනීම බවයි ගම්පොළ රෝහල පවසන්නේ.

මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ නයාපාන දෙමළ විද්‍යාලයේ සිසුවියකි. ඇයට බාල සහෝදරයන් තිදෙනකු සිටින අතර අසල්වැසි නිවෙසේ ළමයින් හා මොවුන් අතර සෙල්ලම් කිරීමේදී ඇතිවුණු සිද්ධියක් වැඩිහිටි ආරවුලක් බවට පත්වීම නිසා නිවැසියන් අතර අමනාපයක් හටගෙන තිබෙනවා.

පසුව නිවාස දෙක වෙන් වන ලෙස මිදුල මැදින්  ඔවුන් වැටක්ද ගසාගෙන තිබෙනවා.

ඇගේ මව හා පියා නයාපාන වත්තේ සේවය කරන අතර ඔවුන් පැමිණෙන තුරු මෙම දරුවන් ඔවුන්ගේ ලොකු තාත්තාගේ නිවෙසේ සිට ඇත.

මෙම දැරිය ලොකු තාත්තාගේ නිවෙසේ සිට ඔවුන්ගේ නිවෙසට පැමිණි අවස්ථාවක අසල්වැසි අමනාප නිවෙසේ දැරියක සමඟ රණ්ඩු වී පහරදීමක් පිළිබඳව එම නිවෙසේ හිමිකරු මියගිය දැරියගේ පියාට පැමිණිලි කොට පොලිසි යන බව පවසා තිබෙනවා.

මියගිය දැරියගේ පියා මේ සම්බන්ධයෙන් ඇයට අවවාද කොට වත්තේ වැඩට ගොස් ඇති අතර පොලිසිය පැමිණෙතැයි බිය වූ ඇය කිසිවකු නිවෙසේ නොමැති අතරේ කාමරයකට වැදී ‍ෙදාර ජනෙල් වසා දිවිහානි කරගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

මීට පෙර පුස්සැල්ලාව පාර දෙක ප්‍රදේශයේ රජයේ ගොඩනැඟිල්ලක් තුළදී හැටදෙහැවිරිදි පුද්ගලයකු ගම්මිරිස් හොරකමක් සම්බන්ධයෙන් පොලිසියට බියවී සැඟවී සිට පොලිසියට හසුවෙතැයි සිතා බියෙන් දිවි නසාගෙන තිබුණා.

පරීක්‍ෂණයේදී හෙළි වූයේ පවතින ආර්ථික තත්ත්වය සමඟ සුළු සොරකම් කළද පොලිසියට හසුවීමට බියෙන් සිය දිවි නසාගෙන ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles