පාසල් සිසුවියක් සමූහ දූෂණයට ලක් කරලා : දූෂකයන් සොයා පොලීසිය මෙහෙයුම් අරඹයි

පාසල් සිසුවියක් සමූහ දූෂණයට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හංවැල්ල පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙලෙස සමූහ දූෂණයට ලක්ව ඇත්තේ 17 හැවිරිදි පාසල් සිසුවියක්.

කොස්ගම ප්‍රදේශයේ පදිංචි අදාළ සිසුවිය ඊයේ (21) උදෑසන සිය පුංචි අම්මා සමග දන්සැල් වෙත ගොස් තිබෙන අතර අනතුරුව පොත් කඩයකට යන බවට සිය පුංචි අම්මාට පැවසා ඇය සිය පෙම්වතා හමුවීමට ගොස් ඇති බව පොලීසිය සඳහන් කරනවා.

පෙම්වතා හමු වී සිය නිවස බලා පැමිණෙමින් සිටියදී හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේ පාළු සුසාන භූමියකට තමා බලහත්කාරයෙන් රැගෙන ගොස් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තමාව දූෂණයට ලක්කළ බවට ඇය හංවැල්ල පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

ඒ් අනුව දැරිය ඊයේ (21) රාත්‍රියේ අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට යොමුකළ පොලීසිය පසුව ඇයව ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇතැයි සඳහන්.

සිද්ධිය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ හංවැල්ල පොලීසිය එහි ප්‍රධාන සැකකරු බවට පැවසෙන 21ක් හැවිරිදි තරුණයෙකු අද (22) උදෑසන අත්අඩංගුවට ගෙන තිබූ අතර සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් සිව්දෙනා සොයා මෙහෙයුම් ආරම්භකර ඇති බවයි පොලීසිය වැඩිදුරටත් පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles