2024 වර්ෂයේ පාර්ලිමේන්තුව වෙත ගෙන එන නව නීතියක් මගින් රජයේ ව්‍යාපාර සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනෙන බව වාර්තා වෙනවා. මෙම නීතිය මගින් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කෙරෙනු ඇති බවයි පැවසෙන්නේ.
මේ වන විට මුදල් අමාත්‍යංශයේ ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය විසින් රාජ්‍ය ව්‍යවසාය 130කින් 15ක් පමණ ඈවර කර වසා දැමිය යුතු බවට නිර්දේශ කර තිබෙනවා. තවත් 85කට පමණ රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍ය නැති බව හඳුනාගෙන ඇති බවද වාර්තා වෙනවා.
ලංවිම, සිපෙට්කෝ, ජල සම්පාදන, මාර්ග සංවර්ධන සහ දුම්රියද, ලංගම ද මෙම ගොනුවට අයත් නැතත් අමාත්‍යංශ මගින් ඍජුව ඒවා සම්බන්ධ තීරණ ගැනෙනු ඇති.
කෙසේ වෙතත්, වසා දැමෙන ව්‍යවසාය සහ ප්‍රතිව්‍යුහගත කෙරෙන ඒවාට අමතරව අනෙක්වා රාජ්‍ය ව්‍යවසාය පාලනය යටතේ තැබීමට අදහස් කෙරෙන බව දැනගන්නට තිබෙනවා.