පොලිස් නිලධාරිනියන්ට වන බරපතළ අසාධාරණයක් ගැන හෙළි වෙයි

ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා නිලධාරිනියන්ට සිදුවන අසාධාරණයක් වහා නිවැරදි කරන ලෙසට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයට නිර්දේශ කර තිබෙනවා.

බඳවා ගැනීම, පුහුණුව, රාජකාරියේ යෙදවීම හා විශ්‍රාම යාම එක සමාන වුවත් උසස් වීම් ලබා දීමේදී පමණක් කාන්තා නිලධාරිනියන්ට අසාධාරණයක් සිදුවෙන බවට කාන්තා නිලධාරිනියන්ගෙන් චෝදනා එල්ල වීම මෙයට හේතුවයි.

මුළු සේවා කාලය වසර 25ක් ද ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ වසර 04ක්ද සපුරා ඇති පොලිස් පරීක්ෂකවරියන් 92ක් රාජකාරියේ සිටියද ඔවුන්ගේ උසස්වීම් සම්බන්ධයෙන් නිශ්චිත ක්‍රමවේදයක් හෝ පුරප්පාඩු හඳුනාගැනීමක් මෙතෙක් සිදුකර නොමැති බවයි අනාවරණය වී ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles