කොළොන්නේ වෙඩි තැබීමක් : තේ වතු හිමියෙක් මරුට

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ (09) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙම වෙඩිතැබීම සිදුකර ඇත්තේ කෑල්ල රක්වාන පාරේ කොලොන්න ප්‍රදේශයේදී බවයි වාර්තා වන්නේ.

වෙඩිතැබීමෙන් ඝාතනයට ලක්වී ඇත්තේ තේ වතු හිමියෙකු වන 61 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

කොලොන්න පොලිස් වසමේ අප්ටන් වත්තේ හිමිකරුට එල්ල කළ වෙඩි ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලීසිය පවසන්නේ.

පොලීසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසේ සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පළා ගොස් ඇති බවයි.

මියගිය පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ නිවසේ රැඳී සිටිය දී වෙඩික්කරුවන් පැමිණ බිරිඳගෙන් මියගිය පුද්ගලයා නිවසේ සිටිනවාදැයි විමසා ඇති අතර පසුව එම පුද්ගලයා නිවසින් එළියට පැමිණි අවස්ථාවේ දී වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles