ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක්

අමෙරිකානු හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම ජනාධිපතිවරණ අපේක්ෂකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ මැතිවරණ රැළියකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේදීයි.

එම වෙඩි තැබීමෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දකුණු කන තුවාල වී ඇති බවයි පැවසෙන්නේ.

වෙඩි තැබීම සිදුකළ සැකකරු ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාරවලින් මියගොස් තිබෙනවා.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබූ ස්නයිපර් තුවක්කුකරු, වෙඩි තැබීම සිදු කර ඇත්තේ මැතිවරණ රැළිය පැවැත්වුණු ස්ථානයට අඩි 400 ක් කීපයක් දුරින් පිහිටි ගොඩනැගිල්ලක වහලයේ සිට බවයි සඳහන් වන්නේ.

වෙඩි ප්‍රහාර එල්ල වනවාත් සමගම ට්‍රම්ප් බිම දිගාවී ඇති අතර ඔහුගේ කනක් අසල ලේ තිබෙන අයුරු දක්නට ලැබුණු බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles