කලාවැව ජාතික වනෝද්‍යානයේ සිටින, මේ දිනවල ජාතික නාමල් උයන ආශ්‍රිතව සැරිසරණ තනි දළ ඇතාට පසුගිය දිනවලදී වෙඩි තබා ඇතැයි වාර්තා වෙනවා.
වෙඩි පහරවල් කිහිපයක් තබා ඇති බවයි පැවසෙන්නේ.
ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් එම ඇතා සම්බන්ධයෙන් දැනුම් දීමෙන් පසු වනජීවී නිලධාරීන් පිරිසක් ඇතාට ප්‍රතිකාර කිරීමට කටයුතු කරනු ලැබුවා.
එල්ල කරනු ලැබූ වෙඩි පහරවල් ගණනාවක් ඇතාගේ ශරීරය පුරා දක්නට ලැබෙන බවත්, වම්පාදයේ පහළ කොටසේද සලකුණු කිහිපයක් ඇති අතර ඒවා බඳින තුවක්කු නිසා සිදුවූ බව සිතිය හැකි බවත් වනජීවි නිලධාරීන් පවසනවා.