මන්ත්‍රී නිළියට කම්මුල් පහරක්

භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් ඉන්දීය පාර්ලිමේන්තුවට තේරී පත්වූ බොලිවුඩ් රංගන ශිලිපිනි කන්ගනා රනවුත්ට චන්දිගාර් ගුවන්තොටුපොළ තුළදී ආරක්ෂක නිලධාරිනියක් විසින් කම්මුල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඇයට මෙලෙස පහර දී තිබුණේ ගුවන්තොටුපොළේ සේවයේ නියුතු කුල්වින්දර් කෝර් නම් මධ්‍යම කාර්මික මර්මස්ථාන ආරක්ෂක බළකායේ නිලධාරිනියක් විසින් බවයි ඉන්දිය මාධ්‍ය සඳහන් කරන්නේ.

අදාළ ආරක්ෂක නිලධාරිනිය විසින් කන්ගනා රනවුත්ට පහරදී ඇත්තේ ඉන්දියාවේ පැවති ගොවි විරෝධතාවලදී කන්ගනා විසින් සිදුකළ ප්‍රකාශයකට විරෝධය පළ කරමින්.

මෙම පහරදීම සම්බන්ධයෙන් කන්ගනා රනවුත් පැමිණිල්ලක් ගොනුකර ඇති අතර කුල්වින්දර් කෝර් වැඩතහනමකට ලක්කර ඇයට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles