කොළඹ දකුණු කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරයා ඇතුළු කණ්ඩායමක් ගංජා ග්‍රෑම් 50ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටියදී එම ස්ථානයට කඩා වැදුණු පිරිසක් පොලිසියට පහර දී පෙට්‍රල් විසිකර ගිනි තැබීමට උත්සාහ කිරීම නිසා කොම්පඥ්ඥවීදිය 57 වත්ත ප්‍රදේශයේ කෝලාහලයක් ඇති වුණ බව වාර්තා වෙනවා.
මෙම තත්වය මැඩපැවැත්වීම සඳහා පොලිස් පරීක්ෂකවරයා අහසට වෙඩි තබා ඇති අතර විලංගු සමගින් සැකකරුවන් දෙදෙනෙක් පළා ගොස් තිබෙනවා.
කොම්පඤ්ඤවීදිය පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව පැමිණි පොලිස් කණ්ඩායමක් තත්වය පාලනය කළ බවයි දැනගැනීමට ඇත්තේ. පහර කෑමට ලක්වූ නිලධාරීන් දෙදෙනෙක් ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වුණා. එක් අයෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා. පසුව අත්අඩංගුවට ගත් පිරිස 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.