සහල් හිඟයට කඩිනම් විසඳුමක් ලෙස සහල් ආනයනය කිරීමට අවස්ථාව දෙන්නේ නම් සති දෙකක් තුළ සහල් ආනයනය කර ජනතාවට බෙදා හරින බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් විසින් ජනපතිවරයාට දන්වා තිබෙනවා.
දැනට සහල් සඳහා පනවා ඇති කිලෝවකට රුපියල් 65ක් වන බද්ද රුපියල් 40 දක්වා අඩු කරන්නේ නම් මෙලෙස ගෙන්වන සහල් කිලෝව රුපියල් 180කට ජනතාවට ලබා දිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් උග්‍ර වන සහල් හිඟයට සාපේක්ෂව පිටකොටුවේ තිබෙන තොග සීඝ්‍රයෙන් අවසන් වෙමින් යන බව වාර්තා වනවා.