ජාතික විදුලි පද්ධතියට සූර්ය බලයෙන් විශේෂ‍ වාසියක්

මෙරට ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ සමස්ථ සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කිරීම මෙගාවොට් 1000 ඉක්මවීමට හැකිවී ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසනවා.

වහළය මත සූර්ය පැනල මගින් මෙගාවොට් 944ක් සහ බිම්ගත සූර්ය පැනල මගින් මෙගාවොට් 156ක් ජාතික පද්ධතියට එකතු කර ඇති බව එම අමාත්‍යංශය පෙන්වා දෙනවා.

මෙම වර්ෂය අවසන් වනවිට වහළය මත සූර්ය පැනල මගින් පමණක් මෙගාවොට් 1000 ඉක්මවූ විදුලි උත්පාදනයක් ජාතික පද්ධතියට එකතු කිරීමට නියමිතයි.

විදුලිබල මණ්ඩලයේ දීර්ඝ කාලීන උත්පාදන සැලසුම අනුව ඉදිරි වසර 4 තුළ සෑම වසරකම වහළය මත සූර්ය පැනල මගින් මෙගාවොට් 150 බැගින් ජාතික පද්ධතියට එකතු කිරීමට සැලසුම් කර තිබෙන බවයි සඳහන් වන්නේ.

කෙසේවෙතත් මෙම වසරේ පළමු මාස 5 තුළ පමණක් වහළය මත සූර්ය පැනල මගින් මෙගාවොට් 132ක් ජාතික පද්ධතියට එකතු කිරීමට හැකිවී ඇති බව බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles