ගුවන් අනතුර ගැන සොයන්න විශේෂ කමිටුවක්!

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් අද උදෑසන ගුවන්ගත වී මිනිත්තු කිහිපයකින් චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨය තුළදී කඩා වැටී එහි නියමුවා සහ නිලධාරියෙකු ජීවිතක්ෂයට පත් වුණා.

අද පෙරවරු 11.25 ට ගුවන් ගත වූ ගුවන් යානය පෙරවරු 11.27 ට මෙම යානය කඩා වැටී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කර වාර්තාවක් ලබා දෙන ලෙස දන්වා ඇතැයි වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles