එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනයක් පිටකෝට්ටේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී හෙට (25) පැවැත්වීමට නියමිතයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමේ යෝජනාවට මෙම සම්මේලනයේදී අනුමැතිය ලබාගැනීමට නියමිත බවයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
මේ අතර සමඟි ජන බලවේගයේ සිට ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාට සහය දැක්වීමට පැමිණි සියලු මන්ත්‍රීවරුන් මෙම සම්මේලනයේ විශේෂ ආරාධිතයින් ලෙස සහභාගී වීමට නියමිත බවද පැවසෙනවා.