ආසියානු සංවර්ධන බැංකුවේ ශ්රී ලංකා නියෝජිත ටකාෆුමී කැඩෝනෝ තුළු නියෝජිත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හමු වී තිබෙනවා.
ඊයේ (12) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන කාර්යාලයේ දී එම හමුව පවත්වා ඇති බවයි සඳහන් වන්නේ.
ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්රී ලංකාව තුළ සිදුකරනු ලබන සංවර්ධන කටයුතු පිළිබඳව සමාලෝචනයක් එහිදී සිදුකර තිබෙන අතර ඉදිරියට ද ශ්රී ලංකාවට ආධාර ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව තුළ වන සූදානම පිළිබඳ එම නියෝජතයින් ජාතික ජන බලවේගය දැනුවත් කර තිබෙනවා.