ජාතික ජනබලවේගයේ ජනප්‍රියත්වය ඉතා සීඝ්රයෙන් ඉහළ යන බවත් එහි ඡන්ද පදනම ඉතා වේගයෙන් වැඩිවෙමින් පවතින බවත් සඳහන් වන විශේෂ බුද්ධි වාර්තාවක් ආණ්ඩුවට ලැබී ඇතැයි වාර්තා වෙනවා.
ජාතික ජනබලවේගයේ මෙම ජනප්‍රියත්වය වර්ධනය මෙලෙස සිදුවුවහොත් ඉදිරි මැතිවරණවලදී ඇති විය හැකි තත්වයන් සම්බන්ධයෙන්ද සවිස්තරාත්මකව එහි කරුණු දක්වා ඇති බවයි කියැවෙන්නේ.
කෙසේ වෙතත්, පසුගිය ආර්ථික අර්බුදයේදී ජනපතිවරයා ගත් ක්‍රියාමාර්ග නිසා ජනතාව ඔහු සම්බන්ධයෙන් යම් කැමැත්තක සිටියද මේ වන විට ඇතිව තිබෙන ආර්ථික ප්‍රශ්න-බදු බර ආදිය නිසා සීඝ්රයෙන් එම ජනතා කැමැත්ත දියවෙමින් යන බව පෙනී යන කරුණක්.
රටේ ගම් දනව්වල පෙර සාම්ප්‍රදායික පක්ෂ වෙත නැඹුරු වී සිටි බොහෝ දෙනා ජාතික ජනබලවේගය සමඟ එක්ව සිටින බව නිරීක්ෂණය කළ හැකි නිසාවෙන් එකී බුද්ධි අංශ වාර්තා පැමිණීම සාමාන්‍ය බවයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ.
Good situation
Good news to all of us.
ජයම වේවා.මව්බිම ට දෙවියන් නැවත බැල්ම හෙලයි.