පාර්ලිමේන්තු අනංගයෙක් ගැන විශේෂ විමර්ශනයක්

පාර්ලිමේන්තුවේ සේවයේ නියුතු කාන්තාවන්ට අයුතු යෝජනා කරමින් විනයවිරෝධී ලෙස කටයුතු කර ඇති අංශ ප්‍රධානියෙකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් අරඹා ඇතැයි වාර්තා වෙනවා.

පාර්ලිමේන්තු මහලේකම්වරියගේ උපදෙස් මත මෙය ආරම්භ කර ඇති බව සඳහන් වෙනවා.

මෙකියන නිලධාරියා සේවිකාවන්ට උසස්වීම් පිරිනැමීමේදී හා අලුතෙන් බඳවා ගැනීමේදී ලිංගික අල්ලස් ඉල්ලා දිගින් දිගටම බලපෑම් කරන බව හෙළිවීමෙන් පසුවයි මෙම විමර්ශනය අරඹා ඇති බව කියැවෙන්නේ.

සේවිකාවන් පිරිසකට ලිංගික බලහත්කාරකම් කළ බවට හෙළිවීමේ මෙයට පෙර පාර්ලිමේන්තු ගෘහකාරක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට විරුද්ධව ද පසුගිය කාලයේ විනය ක්‍රියාමාර්ග ගැනුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles