76 වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් ලබන 29 වැනි දා සිට පෙබරවාරි 02 වැනි දා දක්වා කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව රථවාහන පොලීසිය නිවේදනය කරනවා.
අද (27) පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රථවාහන දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මේ බව සඳහන් කර බවයි සඳහන් වන්නේ.
ඒ අනුව වෙනදා ගමන් ගත් මාර්ගවල රිය ධාවනය කිරීමේදී රියදුරන් සැලකිලිමත් විය යුතු වෙනවා.