ගුරුවරුන් බඳවා ගැනිමේ චක්‍රලේඛය අත්හිටුවන ලෙසත් විදුහල්පති සේවයේ පුරප්පාඩු සඳහා බඳවා ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (27)නියෝගයක් නිකුත් කරනු ලැබුවා.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි නියෝග කළා.
එලෙස නියෝග කරනු ලැබුවේ බඳවා ගැනිම්වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ, ගොනු කළ තිබූ පෙත්සමේ අතුරු නියෝගය ඉල්ලා අස්කර ගැනිම හේතුවෙනි.පෙත්සම්කරුවෝ ඒ අනුව තවත් පෙත්සම් කිහිපයක් ඉල්ලා අස්කර ගනු ලැබුවා.
ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර ගුරුවරුන් බඳවා ගැනිමේ චක්‍රලේඛය අත්හිටුවන ලෙස වාරණ නියෝගයක් නිකුත් කර තිබු අතර එය ද ඉවත් කළ අතර අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැනුනා.