කොළඹ – නුවර මාර්ගයේ වාහන ගමනාගමනය ගැන විශේෂ දැනුම්දීමක්

අද (08) දිනයේ කොළඹ- මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් ගමනාගමනය සීමා කරන බව පොලිසිය නිවේදනය කරනවා.

මාර්ගය දෙපස අවදානම් ගස්, දිරා ගිය අතු කොටස් සහ ගල් ඉවත් කිරීමේ කටයුතු අද (8) සිට හෙට (9) පෙරවරු 6 දක්වා සිදු කෙරෙන බැවින් මෙම තීරණය ගෙන තිබෙනවා.

එම මාර්ගය අද සවස 6-9 දක්වා පැය 3ක කාලයක් සම්පූර්ණයෙන් වසා තැබෙනවා.

විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දෙන අතර එම විකල්ප මාර්ග පහත පරිදි දක්වා තිබෙනවා.

  • කොළඹ සිට මහනුවර දක්වා ගමන් ගන්නා වාහන වරකාපොළ, අ‍ඹේපුස්ස හන්දියෙන් වමට හැරී කුරුණෑගල මාර්ගය ඔස්සේ මහනුවරට.
  • කෑගල්ල කරඬුපන හරහා රඹුක්කන හා මාවනැල්ල නගරයෙන් රඹුක්කන නගරයට පිවිස හතරලියැද්ද මාර්ගය ඔස්සේ ගලගෙදර හරහා මහනුවර
  • මාවනැල්ල නගරයේ සිට හෙම්මාතගම හරහා ගම්පොළ මාර්ගය ඔස්සේ මහනුවරට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles