ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) මහජනතාවට තම ජංගම සිම් කාඩ්පත් නැවත ලියාපදිංචි කිරීම සඳහා දීපව්‍යාප්ත වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් රජය පවසන්නේ මෙම වැඩසටහනේ පළමු අදියර සඳුදා (නොවැ 13) සිට සෙනසුරාදා (නොවැ 18) දක්වා පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන බවයි.
තම නමින් ලියාපදිංචි වී ඇති නමුත් තමා භාරයේ නැති දුරකතන අංකවලින් යම් අපරාධ ක්‍රියාකාරකමක් සිදුවන්නේ නම් එහි වගකීම සිම්පත ලියාපදිංචි කර ඇති පුද්ගලයාට භාර ගැනීමට සිදුවිය හැකි බවට රජය අනතුරු අඟවනවා.
මේ පිලිබඳව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනය පහත පළ වෙනවා.