හෝමාගම අවට පදිංචිකරුවන්ට මුව ආවරණ පැළඳ සිටින ලෙස කොළඹ ආපදා කළමනාකරණ ඒකකය ඉල්ලා සිටිනවා.
ඊයේ රාත්රියේදී හෝමාගම කර්මාන්තපුරයේ තීන්ත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගින්නක් හටගත් අතර රසායනික ද්‍රව්‍ය එහි ගබඩා කර තිබූ බව පැවසුණා. මෙහිදී විශාල දුම් ප්‍රමාණයක් පැතිරුණ අතර ස්වසන ආබාධ ඇතිවීමෙන් වැළකෙනු පිණිසයි මෙසේ මුව ආවරණ පළඳින ලෙස දන්වා සිටින්නේ.
හෝමාගම අවට පදිංචි සමහර අයට ඇස් දැවිල්ල සහ හිසරදය ඇති වී තිබෙන බව මේ අතර වාර්තා වනවා.