දේශපාලන සරණාගතභාවය වෙනුවෙන් ලාංකිකයෙක් 1000KM පා ගමනක

ඔස්ට්‍රේලියාවේ දේශපාලන සරණාගතභාවය පතා ඔස්ට්‍රේලියාවේ සරණාගත පවුල් වෙත ඕස්ට්‍රේලියානු අගමැති Anthony Albanese ගේ අවධානය යොමු කිරීමට සහ ඕස්ට්‍රේලියාවේ ස්ථීර පදිංචිය ලබා ගැනීමේ අරමුණින් Ballarat සිට Sydney දක්වා කිලෝමීටර් 1000ක දුර පාගමනක් ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික සරණාගතයෙකු විසින් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නීල් පරා ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය නගරයක් වන Ballarat හි වසර 8 කට වැඩි කාලයක් වීසා නොමැතිව ජීවත් වන අයෙක්.

ඔහු වසර ගණනාවක් ඕස්ට්‍රේලියාවේ ජීවත් වන නමුත් නව වීසා කොන්දේසි අනුව ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් නොලබන පිරිසගෙන් අයෙක්. එසේ ඔහු ඇතුළුව ආසන්න වශයෙන් 12,500 දෙනෙක් පමණ සිටින බවයි වාර්තා වන්නේ.

2008 දී සිවිල් යුද්ධය මධ්‍යයේ පැරා ශ්‍රී ලංකාවෙන් මැලේසියාවට පළා ගියේ බිරිඳ ශ්‍රී ලංකාවේ සිටිය දී. 2012 දී, ඔහුගේ මාස අටක ගැබිනි බිරිඳ සහ දරුවන් දෙදෙනා සමඟ, පැරා ඉන්දුනීසියාව හරහා ඕස්ට්‍රේලියානු බාහිර ප්‍රදේශයක් වන ක්‍රිස්මස් දූපතට බෝට්ටුවකින් ඇතුළු වූ බව සඳහන් වෙනවා. පසුව ඔවුන් ඩාවින්හි කඳවුරක නවතැන් ලැබුවා.

දිනකට ආසන්න වශයෙන් මේ පාගමනේ දී කිලෝමීටර් 30ක් යාමට අපේක්ෂා කරන අතර සැප්තැම්බර්වලදී ඔහු සිය ගමනාන්තයට යෑමට අදහස් කරනවා. කෙසේ වෙතත් ගමනාන්තය වෙත්දී ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා වෙත භාර දීම සඳහා පෙත්සමක් සඳහා අත්සන් ලබා ගන්නවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles