සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙන දින ගැන ප්‍රකාශයක්

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ (2022/23) ප්‍රතිඵල ලබන නොවැම්බර් මස අග නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කර තිබෙනවා.

එම ප්‍රතිඵල පරිගණකගත කිරීමේ කටයුතු මේ දිනවල කෙරෙන බවයි වාර්තා වන්නේ.

දත්ත එක් කෝටි හතළිස් ලක්ෂයක් පමණ පරිගණකගත කිරීමට ඇතැයි  විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටිනවා.

අපොස සාමාන්‍ය පෙළ විභාගය පසුගිය මැයි මස  29 වැනිදා සිට  ජුනි මස 8 වැනිදා දක්වා පැවැත්වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles