මාර්ග කාපට් ව්‍යාපෘති වැඩසටහනකට සම්බන්ධ වීමට පැමිණි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට ජනතා විරෝධයක් පුත්තම දළුව ප්‍රදේශයේදී ඇති වූ බව කියන පුවත ගැන අමාත්‍යවරයා අදහස් දක්වා තිබුණා. ඔහු පවසන්නේ සිදුවූ විරෝධය තමාට නොව වෙනත් අයෙකුට විරුද්ධව සිදුවූවක් බව අදාළ ප්‍රදේශයේ පියතුමා පැවසූ බවයි. එය දේශපාලන ආරවුලක් නොව ආගමික ආරවුලක් බවද ඔහු පවසනවා.
එම තත්වය නිසා තමා අදාළ රැස්වීමට සහභාගි නොවූ බවයි ඔහු පවසන්නේ. මෙම ප්‍රවෘත්තිය සම්පූර්ණ අසත්‍යයක් බව පවසන ඔහු කියා සිටින්නේ චණ්ඩින් බණ්ඩින්ට බයේ හැරී නොඑන බවයි.
තමා සනත් නිශාන්ත බව මතක තබා ගන්නා ලෙස පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා ගුටිකා රෝහලේ නොඉන්නා බවත් පහරදී සිරගත වන බවත් පවසනවා.
පෙර පුවත මෙතැනින්,