ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන ජූලි චන්ග් ගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවට කාලයකට පෙර හඳුන්වා දී තිබූ සංචාරක උපදේශනයේ වෙනසක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් පවසනවා.

කොළඹ අමෙරිකානු මධ්‍යස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව අදහස් දක්වමින් ඇය පැවසුවේ ශ්‍රී ලංකාවට සංචාරක තහනමක් පනවා ඇති බව පැවසීම “ව්‍යාජ පුවතක්” බවයි.

“යම් ආරක්ෂක තර්ජනයක් සම්බන්ධයෙන් අමෙරිකානු තානාපති අංශ දැනගතහොත් එම තොරතුර ගැන අපි අපේ කාර්ය මණ්ඩලය, අමෙරිකානු පුරවැසියන් සහ අදාළ රජය දැනුවත් කිරීම කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නෑ. එය ලොව පුරා අපි භාවිත කරන පිළිගත් ක්‍රමවේදය. අපි ආරුගම්බේ ප්‍රදේශයට ඇති තර්ජනය සම්බන්ධයෙන් දැනගත් පසු අපි එම දැනගත් කරුණු ශ්‍රී ලංකා බලධාරීන් ට දැන්වූවා. ඔවුන් ඊට ඉක්මණින් ප්‍රතිචාර දැක්වූවා.”

“අපි ඔවුන් සමග කාර්යශීලිව කටයුතු කරනවා. ඔවුන් සමග දෛනිකව අදහස් හුවමාරු කරගන්නවා. අපි ශ්‍රී ලංකා නායකත්වය සහ ආරක්ෂක නිලධාරීන් සමග ඇති සහයෝගය අගය කරනවා. විනිවිදභාවයට ඔවුන්ගේ ඇති කැපවීම විශේෂයි. මම කැමතියි ව්‍යාජ තොරතුරක් ගැන කියන්න. ශ්‍රී ලංකාවට සංචාරක තහනමක් පනවලා නෑ කොහෙත්තම. පසුගිය සතියේ අපේ ආරක්ෂක අනතුරු ඇඟවීම සිදුකළේ අමෙරිකානු පුරවැසියන් ට නැවත දැනුම්දෙනතුරු ආරුගම්බේ යන්න එපා කියලා. නමුත් ශ්‍රී ලංකාව වෙනුවෙන් නිකුත් කරලා තිබූ සංචාරක උපදේශනයේ වෙනසක් නෑ. ඒක එහෙම්මමයි. එය දෙවැනි පෙළේ (Level 2) තමයි. එය බොහෝ වසර ගණනක් පැවතුණේ එහෙමයි. එය මාලදිවයින, ඉතාලිය සහ ප්‍රංශය වෙනුවෙන් නිකුත්කර ඇති සංචාරක උපදේශන හා සමානයි. ඒවා ඔක්කොම Level 2. ශ්‍රී ලංකාවටත් එහෙමයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles