උද්ඝෝෂණ කරන්නේ කීයක් හරි හොයාගන්න – ප්‍රසන්න

උද්ඝෝෂණ කරන ඇතැම් සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන්ට අවශ්‍යව ඇත්තේ රට අරාජික කිරීමට බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

එම පිරිස් ඒවා සිදු කරන්නේ කීයක් හෝ සොයා ගැනීමට බවයි අමාත්‍යවරයා පවසන්නේ.

රට වනසන පණත් පරාජය කරමු යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලය ඉදිරිපිට සිවිල් සංවිධාන නියෝජිතයන් විරෝධයක් සංවිධානය කර තිබුණා.

ඒ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසුවා,

“පස් හය දෙනෙක් කෑ ගැහුවට රටේ බහුතර මතය එය නොවේ. ආණ්ඩුව රටේ මිනිස්සුන්ට ස්ථාවරයක් හදලා තියෙන බවට ජනතාව පිළිගන්නවා. අද කෑ ගහපු එක්කෙනෙක් හරි පොහොට්ටුවට ඡන්දය දුන්න මිනිස්සු ඉන්නවද?ඔය එක එක්කෙනාගේ ගොට්ටො.ඔවුන්ට කෑ ගහන්න අයිතියක් තියෙනවා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles