ජනාධිපතිවරණය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

ඉදිරියේදී අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ තරුණ නීති වෘත්තිකයින් සමග ජනාධිපති කාර්යාලයේ පැවති වැඩමුළුවකට එක් වූ අවස්ථාවේදීය.

ජනාධිපතිවරණය සඳහා මූල්‍ය ප්‍රතිපාදන මේ වනවිටත් වෙන්කර ඇති බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

“ඉදිරියේදී අප ජනාධිපතිවරණය පත්වනවා. ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව පවසන කිසිදු අපේක්ෂයෙකු එම ධුරය සතු විධායක බලය අහෝසි කරන බවට මෙතෙක් ප්‍රකාශ ක‍ර නැහැ. පාර්ලිමේන්තුව ශක්තිමත් කරන වැඩපිළිවෙළක් අප සකස් කළ යුතුයි. මේ වන විටත් විධායක බලතලවලින් ප්‍රමාණයක් පළාත් සභාවට ලබා දී තිබෙනවා. තවත් කොටසක් කොමිෂන් සභාවලට ලබා දී තිබෙනවා. එසේම පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභා යොදවා තිබෙනවා. තව පනත් කෙටුම්පත් කිහිපයක් පාර්ලිමේන්තුවට ගෙන ආ පසු ජනාධිපතිවරයාගේ බලතල පාර්ලිමේන්තුවට බෙදී යනවා.” යැයි ද වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles